27 C
Colombo
25/11/2024

ගල් අඟුරු ටෙන්ඩරයෙන් කෝප් වැඩ අරඹයි

Share with your friends :

ආන්දෝලනයට තුඩුදුන් ගල්අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන් කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කරඇත

එමෙන්ම රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කෝප් කමිටුව දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන්ද කමිටු සාමාජිකයින්ගේ අවධානයට ලක්විය.

මෙම කරුණු සාකච්ඡා වුයේ නව කෝප් කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපති ධූරයට පත්වීමෙන් පසුව එම කමිටුව රැස් වූ පළමු අවස්ථාව මෙයයි.

තවත් කරුණු ගණනාවක් ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව කෝප් කමිටු සාමාජිකයෝ පැවසූහ.

Share with your friends :