27 C
Colombo
19/01/2025

ජාතික සභාවේ කමිටු සාමාජිකයෝ මෙන්න

Share with your friends :

ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණ අනු කමිටු දෙකට සාමාජික මන්ත්‍රීවරු ඊයේ (6) පත් කරනු ලැබූහ.

එම අනු කමිටු අද(7) රැස්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු, ජාතික සභාවේ දෙවන රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

මෙම අනුකමිටු දෙක පත්කෙරුණේ ‘කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම සහ ‘ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇති කර ගැනීම සඳහාය.

කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි රහීම්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නසීර් අහමඩ්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මන්ත්‍රීවරුන්ය.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිසාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලි චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාන් අලස්, නසීර් අහමඩ්, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මන්ත්‍රීවරු පත් කරනු ලැබ සිටිති.

පිළිගත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ජාතික සභාව සමන්විත වෙයි.

Share with your friends :