27 C
Colombo
19/01/2025

කෝපා සභාපති කබීර් හෂීම්

Share with your friends :

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව)සභාපති ධූරය සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතාට ලබාදීමට එම කමිටුව ඒකමතිකව තීරණය කර ඇත..

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) පෙරවරුවේ පැවැත්විණ. නව සභාපතිවරයා තෝරා ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

මේ අතර කෝපා කමිටුවේ සභාපතිධූරය කබීර් හෂීම් මහතාට ලබාදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

කෝපා කමිටුව සඳහා සාමාජික මන්ත්‍රීවරු තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත්කරනු ලැබූහ. එම නාම නාමලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.

විවිධ කඹ ඇදීම් හේතුවෙන් කෝපා සහ කෝප් කමිටු පත් කිරීම මාසයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රමාදවිය.

මේ අතර කෝප් කමිටුවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම අද (5) පැවැත්වෙන එහි පළමු රැස්වීමේදී කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

Share with your friends :