27 C
Colombo
28/11/2024

ණය නොගෙව්වාට ලංකාවට දැමූ නඩුව ඉවත දමන්නැයි ඇමරිකාවෙන් ඉල්ලයි

Share with your friends :

ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව ඉවත දමන ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුවට යැයි පැවැසෙයි.ඉකුත් ජූලි මාසයේ කල් පිරුණු තම බැඳුම්කර සඳහා පොලිය සහ මුදල එකවර ගෙවන ලෙස ඉල්ලමින් එම මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ චෝදනා ගොනු කළේය.

ආර්ථික අර්බුදයකින් පීඩා විඳින රාජ්‍යයකට එරෙහිව මෙසේ එක් බැංකුවක් නඩු පවරා ඇත්තේ අනෙකුත් ණය හිමියන්ට වඩා විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තුවෙන් නිසාවෙන් මෙම නඩුව ඉවත දමන ලෙස ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණයෙන් ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇත.

Share with your friends :