27 C
Colombo
01/03/2025

ජනාධිපති රනිල් පිලිපීනයට

Share with your friends :

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 28 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන සංචාරය නිම කර පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් (Bongbong Marcos) මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

Share with your friends :