රුපියල් ලක්ෂ 31 කට අධික වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (20) නියෝග කළේය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සභාපති වෙනුර ගුණවර්ධන මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.
රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.