ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි කොම්පඤ්වීදිය පොලිසිය අත්අඩංගුවට ගත් ප්රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීමේ සිද්ධියට අදාළව ඇප මත සිටිමින් මෙම වරද සිදු කර ඇප පනතේ 14( 3) වගන්තිය උල්ලංඝනය උල්ලංඝනය කර ඇතැයි සඳහන් කරමින් මහේස්ත්රාත්වරයා සැකකාරිය එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
ඉකුත් ජුලි මස 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වෙමින් මෙම සැකකාරිය වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය ඊයේ 8 අබේරත්න මහත්මිය අධිකරණය ඉදිරිපත් කළේය.
ඕනෑම කොන්දේසියක් මත තම සේවා දායිකාව ට ඇප ලබාදෙන ලෙසට සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මහේස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම සැකකාරිය එක් සිද්ධියකට ඇප මත සිටිමින් එවැනිම වරදක් සිදු කිරීම මත ඇප පනත උල්ලංඝනය කර ඇතැයි සඳහන් කළ මහේස්ත්රාත්වරයා ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කළේය.