වෙළඳපොලේ වාහන අමතර කොටස් 300% කට වඩා ඉහළ අගයකින් ඉහල ගොස් ඇති බව වෙලෙදුන් කියා සිටිති.
සියලුම වාහන සඳහා අවශ්‍ය වන ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු සියලු අමතර කොටස් දීර්ඝ කාලයක් තිස්සේ පවතින හිගය මත රථ වාහන නඩත්තු කිරීමට ද නොහැකි වී ඇත.
අමතර කොටස් අලෙවි නියෝජිතයන් පවසන්නේ රථ වාහන අමතර කොටස් ගෙන්වීමේ දී මතුවන ගැටලු මත මෙත මෙසේ මිල ඉහළ යමින් ඇති බවයි.
එය වංචනික ක්‍රියාවක් නොව රටේ පවතින ආර්ථික දුර්වලතාවය මත සිදුවන දෙයක් බවද ඔවුන් පෙන්වා දෙති.
මේ දිනවල සාමාන්‍ය ප්‍රමාණයේ මෝටර් රථයක නියමිත පුර්ණ සේවා කටයුත්තක් සඳහා රුපියල් 25000ක පමණක් මුදලක් වැයවන බව ද ඔවුන් කියා සිටිති.