27 C
Colombo
25/11/2024

රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණීමට විරෝධය – නව අගමැතිවරයකු ගැනත් කතා

Share with your friends :

මීළඟ අයවැයට පෙර කිරීමට නව අගමැතිවරයකු පත් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන් තම කණ්ඩායමෙන් සහාය ඉල්ලා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.

අගමැතිවරුන් තිදෙනකු පත් වී ඇති මේ කෙටි කාලය තුළ සිවුවෙනි අගමැතිවරයකු පත් වනු දැකීමට තම කණ්ඩායම අකැමති බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

ආණ්ඩුව රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණීමට සූදානම් වන බවත් ඊට තමන් දැඩි ලෙස විරෝධය පළකරන බවත් මහාචාර්යවරයා කීවේය.

ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමට විරෝධයක් නැති බව පැවසූ චන්න ජයසුමන මහතා එය කළ යුතු බවද ප්‍රකාශ කළේය.

Share with your friends :