27 C
Colombo
18/01/2025

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන්ගෙන් පෙත්සමක්

Share with your friends :

තමන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

විදානපතිරණ ඇසෝසියේෂන් නීතීඥ සමාගම මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තුවේ මහලේකම්, මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.

වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වන තමන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කරන ලදැයි සඳහන් කරමින් මධ්‍යම කාරක සභාව විසින් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරිනු ලැබ ඇති බව සඳහන් කරමින් ඉකුත් අගෝස්තු මස 8 වැනි දින ලිපියකින් දැනුම්දී දැනුම්දී ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

ඒ සම්බන්ධයෙන් කිසිදු සාධාරණ විභාගයක් හෝ නොපවත්වා මෙසේ කටයුතු කිරීම ස්වභාවයුක්ති මූලධර්මයට පටහැනි මෙන්ම නීතියට පටහැනි සහ අසාධාරණ ක්‍රියාවක් බැවින් මේ සම්බන්ධයෙන් වග කරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පැතුම් ඉල්ලා තිබේ .

Share with your friends :