විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා පත්කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
විදේශ රැකියා වල නියුතු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට පවතින දැනුම සහ හැඟීම ප්‍රයෝජනයට ගෙන ඔවුනට යම් සේවයක් කිරීම සඳහා මෙම තනතුර තනතුරු පිරිනැමූ බව මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
ස්වෙච්ඡා සේවයක් ලෙස කටයුතු කිරීම සඳහා මෙම තනතුර ප්රදානය කර තිබේ.