27 C
Colombo
29/11/2024

පාර්ලිමේන්තුවට අලුත් කමිටු තුනක්

Share with your friends :

ජනාධිපතිවරයා ගේ යෝජනාවක් අනුව තවත් පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභා තුනක් පිහිටුවීමට අපේක්ෂා කරන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට අද (24) දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට සංශෝධන එක්කර ගැනීමේ ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් පිහිටුවීමට කටයුතු කරගෙන යන බවද සභා නායකවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(24) පෙරවරුවේ පැවැත්විණ.

ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව ( අයවැය කතාව) පාර්ලිමේන්තුවට ලබන 30 වෙනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

මේ අතර විදුලි බිල වැඩි කිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 29 වෙනිදා පැවැත්වෙනු ඇත

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන30 වැනි දා,31 වැනි දා ,සැප්තැම්බර පළවෙනිදා සහ දෙවැනි දා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

තවද විදේශ විනිමය පනත යටතේ නියෝග තුනක්, රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ‍විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්ද එදින ම අනුමත කර ගැනීමට නියමිතය.

Share with your friends :