කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලබන මහ කන්නයේ වගා කරන කුඹුරු වලින් සියයට 30ක් කාබනික වගාවට නිර්දේශ කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.ඒ සඳහා වන නිර්දේශ දැනටමත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා අතර ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය නොදීමට තීරණය කළ බව කී අමාත්‍යවරයා කාබනික වගාව රටට අත්‍යවශ්‍ය දෙයක් බවද ගොවීන් විශාල පිරිසක් කාබනික වගාවෙහි නිරත වන්නේ යැයි ද පැවසීය.
ලබන මහ කන්නයේ දී කාබනික වගාවෙහි යෙදෙන ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබා දීමටත් පියවර ගන්නා අතර අවශ්‍ය කාබනික පොහොර තෝරා ගැනීමේ අයිතිය ගොවීන්ට ම ලබා දෙන බවත් ගොවීන් මිල දී ගත යුතු කාබනික පොහොර රජය බලහත්කාරයෙන් තීරණය කරන්නේ නැති බවත් අමාත්‍යවරයා කීය.