විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45 ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.
එය සංචාරක කර්මාන්තයට ඉතා අහිතකර ලෙස බලපෑ බවත් ඉන්ධන, ගෑස් හිඟය සහ විදුලිය කැපීමද සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට තවත් ප්‍රධාන හේතුවක්වූ බවත්
ඇය සඳහන් කළාය.
සංචාරකයන්ගේ පැමිණීම මේ වනවිට සියයට දහයකින් පමණ වැඩි කරගෙන ඇතැයි පැවසූ විජේසිංහ මහත්මිය මේ මාසයේ මේ දක්වා සංචාරකයන් හතළිස් දෙදහස් නව සිය විසි පහක් පැමිණ ඇතැයිද සඳහන් කළාය.
සාමාන්‍යයෙන් මේ දිනවල සතියේ දිනක පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව (සාමාන්‍ය අගය) 1533 කි. සති අන්ත දිනෙක එය 1900ක් බව ධම්මිකා විජේසිංහ මහත්මිය කීවාය.
සාමාන්‍යයෙන් අගෝස්තු මාසය මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කාලයක් වන හෙයින් එම කාලයේදී සංචාරකයන් රටට වැඩි වශයෙන් අද්දවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවද අධ්යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.
සංචාරකයන් අද්දවා ගැනීම සඳහා මහනුවර පෙරහර ඉලක්ක කර සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළ බව පැවසූ විජේසිංහ මහත්මිය සංචාරකයන් ප්‍රවාහනය සඳහා ඉන්ධන සැපයීම ඇතුළු වෙනත් විවිධ පහසුකම් සැලසීමටද කටයුතු කරගෙන යන බව සඳහන් කළාය.
මේ මාසයේ වැඩිම වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එංගලන්තයෙනි. එම සංඛ්‍යාව 8304කි.
ඊට පසු වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 5416කි.
මෙයට අමතරව ජර්මනිය, ප්‍රංශය සහ කැනඩාව යනාදි රටවලින්ද සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් පැමිණ ඇති බව අධ්යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.