27 C
Colombo
29/11/2024

මැතිසබා කමිටු හැටක් අහෝසියි

Share with your friends :

කමිටු කිහිපයක් හැරෙන්නට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු කාරක සභා හැටකට ආසන්න සංඛ්‍යාවක් මැතිසබය වාර අවසාන කිරීමත් සමග මුළුමනින්ම අහෝසිවී ගියේය.

මේ කමිටු පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු මුල් සතියේම පිහිටුවීමට කටයුතු සුදානම් කර ඇතැයි එහි නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් පසුව සාමාන්‍යයෙන් අහෝසිවී නොයන කමිටුවන්නේ විශේෂ කාරක සභා, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභාය.

අහෝසිවී ගිය කාරක සභා නැවත පිහිටුවීමේදී අවශ්‍යනම් එහි කලින් සිටි සාමාජිකයන්ම නැවත පත් කළ හැකි වන අතර අලුත් සාමාජිකයන් පත් කිරීමටද හැකියාව පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසෙයි.

මේ අතර වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන මස 3 වෙනිදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන අඩු වියදමින් සහ ඉතාම චාම් අන්දමින් එම උත්සවය පවත්වන බවද ඔහු සඳහන් කළේය.

Share with your friends :