කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ, රටවල් රැසකින් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බැවිනි.
‘වසංගතය වෙනස් වෙනවා. නමුත් අවසන් නැහැ. වයිරසයේ සැර බාල වීමක් සිදුවුණු බව පැහැදිලියි. ඒ, ඔමික්‍රෝන් විකෘතියේ ආගමනයත් සමඟයි. කෙසේ නමුත් ඔමික්‍රෝන් විකෘතියේ උප ප්‍රභේද ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වීමත් වසංගතය පාලනයට උපකාරී වුණා. අද වනවිට රටවල් 110 කින් කොවිඩ්ඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් මාධය හමුවේ පැහැදිලි කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැහැදිලි කළේ, ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදීය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.
මේ වනවිට ලෝකවාසීන්ගෙන් සියයට 70 කට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතේ නියමිත එන්නත් මාත්‍රා ලැබි ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැවැසුවේය. පසුගිය මාස 18 ඇතුළත ලොව පුරා එන්නත් බිලියන 12 ක් ලබා දීම සිදු කර තිබේ.