27 C
Colombo
26/11/2024

අයි.ඕ.සී. ඉන්ධන සීමාව තවත් අඩුකරයි

Share with your friends :

ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා තිබේ.

ඒ අනුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 2,500 ක සහ වෙනත් වාහනවලට රුපියල් 7,000 ක ඉන්ධන නිකුත් කරන බව එම සමාගම පවසයි.

මීට පෙර අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 2,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 3,000 ක සහ වෙනත් වාහනවලට රුපියල් 10,000 ක් ලෙස ඉන්ධන නිකුත් කළේය.

Share with your friends :