සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා ඝාතනය කොට ඔවුන්ගේ වෑන් රථයටම දමා ගිනි තැබීමේ චෝදනාවන්ගෙන් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන හසිත සම්පත් මොහන්දිරම් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය.
විත්තිකරුට එරෙහිව කිසිඳු සාක්කියක් පැමිනිල්ල විසින් ඔප්පු කොට නොමැති තත්වයක් තුළ විත්තිකරුට එරෙහි චෝදනා පැමිනිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති බව තීරණය කළ විනිසුරුවරයා මීට වසර 23කට පෙර ද්විත්ව ඝාතනයක් සිදුකිරීම ඇතුළු සියළු චෝදනවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය
1999 සැප්තැම්බර් මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කලවානේදී රංජිත් නන්දසේන සහ දීපාල් ගුණසිංහ නමැත්තන් ඝාතනය කිරීම වෑන් රථයකට ගිනි තබා අනර්ථය කිරීම ඇතුළු චෝදනා මත නීතිපතිවයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිනි
මුලින් හසිත සම්පත් මොහන්දිරම් ට අමතරව සුජීව ප්‍රසාද් කොඩිතුවක්කු සහ ගීතාල් සුජීව නමැත්තන්ට එරෙහිවද නීතිපතිවයා විසින් චෝදනා නඟා තිබිනි