හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා තමන් හෙට (21) දිනයේ දිවුම්රුම් නොදෙන බව කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙසින් පත් වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබද අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූයේ දිවුරුම් දීමක් නොකරන බව ද ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.
ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (20) මෙම දැනුම් දීම කළේය.
කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට පත්කර ඇති බවට ප්‍රකාශ කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.