27 C
Colombo
28/11/2024

අයි.එම්.එෆ් නියෝජිතයින් දින දහයක් ලංකාවේ

Share with your friends :

ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම දින දහයක කාලයක් ලංකාවේ රැඳී සිටිමින් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තීරණය කර ඇත.

දස දෙනකුගෙන් සමන්විත මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර්,මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි,නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගුස් ෆෙරිදානු සෙට්යාවාන් අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩල නියෝජිතයින් වන සින් ලී, ෆැන්සිස් විටෙක්, ක්ල්ව්ස් පීටර් හෙල්විග් , මැක්සිම් ක්‍රිෂ්කෝ, මාර්ක් ඇඩම්ස් සහ මානවී අබේවික්‍රම මහත්ම මහත්මීහු මුල්‍ය අරමුදල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත පිරිසට ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡා වටයට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ,මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහත්වරු සහභාගි වූහ.

Share with your friends :