27 C
Colombo
26/11/2024

ලංගමට කෝටි දෙකක ෆෝර්ක්ලිෆ්ට්ර තුනක් මිලට අරන්

Share with your friends :

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මිලදී ගත් රුපියල් දෙකෝටියකට වැඩි වටිනා ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර තුනක් අක්‍රීයව පැවැතිම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී ඇත.

මණ්ඩලයට ටොන් පහක ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍ර දෙකක් පමණක් අවශ්‍ය ව තිබියදී එම යන්ත්‍ර තුනක් මිලදී ගැනීම පිළිබඳවද එහි ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කෙරුණු බව කෝප් කමිටුව පවසයි.

යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදන ලයිස්තුවේ ඇස්තමේන්තුගත අගය රුපියල් පහළොස් ලක්ෂයක් වුවත් සැපයුම් සමාගම විසින් ඉදිරිපත් කරන ලද මිල සහ මණ්ඩලයේ ඇස්තමේන්තුගත මිල අතර වෙනස රුපියල් පනස් හත් ලක්ෂයක් බවද කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

තාක්ෂණික ඇගැයීම් කමිටුව අදාළ කරුණු හෝ වෙළෙඳපොළ වටිනාකම නොසලකා මෙම යන්ත්‍ර මිලදී ගැනීමට නිර්දේශ කර තිබීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවී ඇත.

මේ මිලදී ගැනීම කර ඇතැයි පැවසෙන්නේ 2018 වර්ෂයේදීය.

යන්ත්‍ර තුනෙහි භාවිතය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට නිර්දේශ කර ඇත .

එහෙත් එම වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නැතැයි කෝප් කමිටුව සඳහන් කරයි.

Share with your friends :