දේශීය සහල් තොග නොමැතිවීමෙන් කොළඹ කොටුව සහල් තොග අළෙවිසල් වසා දැමීමට සිදුව ඇතැයි තොග අළෙවිසල් හිමියෝ පවසති.
සහල් තොග ඇනවුම්කර තිබුණ ද සැපයුම්කරුවන්ගෙන් නොලැබෙන බව කී සහල් තොග අළෙවිසල් හිමියෝ ආනයනික සහල් තොග පවතින බව ද සඳහන් කළේය.
සහල් තොග අළෙවිසල් හිමියන් පවසන්නේ සිය අළෙවිසල්වල අර්තාපල්, පරිප්පු, ලූණු ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අලෙවිකිරීම නිසා වසා දැමිය නොහැකි බව ද කීය.