27 C
Colombo
20/01/2025

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවේ

Share with your friends :

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය හෙට (10) සිට අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව එළිමහන් ස්ථානවල මෙන්ම නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේත් මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් එවන් අවස්ථාවල මුහුණු ආවරණ පැළඳීම සුදුසු බව එහි සඳහන් වේ.

පෙර පරිදි දිගින් දිගටම මුහුණු ආවරණ පැළඳීමට යම් කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නම්, මෙම සංශෝධනය ඊට කිසිදු බාධාවක් නොවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන්ය.

Share with your friends :