27 C
Colombo
21/01/2025

ප්‍රසන්න ගැන පාර්ලිමේන්තුවේ කතා

Share with your friends :

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැරදිකරුවකු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් “එතුමා” සමග ඉඳගන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් “විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා උසාවියකින් බරපතළ ලෙස චෝදනා ලැබ අපකීර්තිමත් වූ පුද්ගලයෙක් යැයිද “මිස්ටර් ක්ලීන් “ට මේ වගේ කුණු ගෑවුණු සංවිධායකවරයෙක් එක්ක ඉන්න පුලුවන්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“එතුමාට විරුද්ධව මහාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා.අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට දෙවරක් යන්නට එතුමාට අයිතියක් තිබෙනවා.ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකාරයා යයි කිව හොත් එවිට එතුමා සමග මා ඉඳගන්නේ නැහැ.ඒ වගේම එහෙම වුනොත් එතුමාට මෙතන වාඩිවෙන්නත් බැහැ.නමුත් එවැනි තීන්දුවක් ලැබෙන තුරු මා මෙතන ඉන්නවා.ඔය ගොල්ලො කීප දෙනෙකුටත් නඩු දමා වැරදිකාරයා කරන තුරු මහ උසාවි යනකං අප හිටියා”.යනුවෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Share with your friends :