ප්‍රමාණවත් පොහොර සැපයීමක් සහතික කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600 ක් රටට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත නව පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා කීය.
රට පවතින ආහාර හිඟය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා සහ එම ක්ෂෙත්‍රයේ ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙි බව කීය.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.