යතුරුපැදි, ත්‍රිරෝද රථ හා පොදු ප්‍රවාහන හැර අනෙක් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් ද ඉන්ධන මිල සංශෝධනය සමඟ සංශෝධනය වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
යතුරුපැදියක් සඳහා ඉන්ධන නිකුත් කරන සීමාව රුපියල් 2,000 සිට 2,500ක් දක්වාත් ත්‍රිරෝද රථයක් සඳහා තිබූ රුපියල් 2,000 ක සීමාව රුපියල් 3,000ක් රුපියල් 8000ක් වූ අනෙකුත් වාහනවලට ලබාදෙන ඉන්ධන ලබාදීමේ සීමාව රුපියල් 10,000ක් දක්වාත් ඉහළ නංවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
තොග එක්රැස් කිරීමෙන් සංචිත සීමා වී ජනතාවට අඩුපාඩු හිරිහැර සිදුවන නිසා එසේ නොකරන ලෙස ජනතාගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.