27 C
Colombo
27/11/2024

පොලිස්පතිගෙන් සී.අයි.ඩීයට පැය පහක ප්‍රකාශයක්

Share with your friends :

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැය පහකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක දීමෙන් පසු මීට සුළු වේලාවකට පෙර පිටව ගියේය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයා අතර පස්වරු 2.30 ට පෙනී සිට ඇති අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 7.30 දක්වා සිදුකර ඇත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ⁣ සහ විශේෂ කාර්යාංශය බාර පොලිස්පති තිලක් චමින්ද ධනපාල යන මහත්වරු ද පැය හතකට අසන්න කාලයක් ප්‍රකාශ ලබා ලබාදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.

Share with your friends :