මන්ත්රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්රියාත්මක කරන්නැයි ද මේවා පිටුපස කිසි දෙයක් නොදැන රැල්ලට ගිය දරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කරන්නැයි ද හම්බන්තොට දිස්ත්රික් මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.
“ඊයේ පොලිසියට ගහපු විදිහ අප දුටුවා.කොළඹ දිස්ත්රික්කය බාර ප්රධාන පොලිස් නිලධාරියාගේ ඔලුව පැලෙන්න ගහනවා.ඒ වගේ අයටත් නීතිය ක්රියාත්මක වන්නේ නැතිනම් ගෙවල් වලට ගිනි තැබූ අයට නීතියෙන් සාධාරණයක් වන්නේ නැතිනම් රටේ සාමය බිඳ වැටෙනවා.”යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පසුගියදා ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් බාර වෙන්න කියූ හැම කෙනෙක්ම පොලිසි වලට බාර වී තිබෙන අතර නීතිය කඩන්නට කිසිම චේතනාවක් නැතැයි කී නාමල් රාජපක්ෂ මහතා මන්ත්රීවරුන් අත්අඩංගුවට ගන්නවා හා සමානවම ගෙවල් ගිනි තියපු මිනී මරපු ත්රස්තවාදීන් ලෙස හැසුරුණු අනෙක් පාර්ශවයේ අය අත්අඩංගුවට ගන්නැයි පවසන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.