27 C
Colombo
26/11/2024

මන්ත්‍රීවරු දෙදෙනකුගෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේදී හිරිහැර

Share with your friends :

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක් අසලදී අද (17) උදෑසන වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කර ඔවුන්ගේ ජංගම දුරකථන උදුරා ගනු ලැබ ඇතැයි වාර්තා වේ.

මේ සිද්ධිය නිසා එහි දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.

සිද්ධියට මුහුණ දුන්නේ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රගීත් පෙරේරා සහ සිරස මාධ්‍ය ආයතනයේ කසුන් සමරවීර යන ජනමාධ්‍යවේදීන් දෙදෙනාය.

මන්ත්‍රීවරුන් දෙදෙනා ” උඹලා තමයි ඔක්කොම කළේ” යනුවෙන් පවසමින් මාධ්‍යවේදීන් දෙදෙනාට මෙලෙස පහරදීමට උත්සාහ දරා ඇතැයි කියති.

මේ සිද්ධියෙන් අනතුරුව ඉන්දික අනුරුද්ධ සහ ඩී වීරසිංහ යන මන්ත්‍රීවරුන් දෙදෙනා ජංගම දුරකථන දෙකක් පාර්ලිමේන්තු සභාගර්භයේදී කතානායකවරයා අසලට පැමිණ බාරදෙනු දැකගත හැකිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ මන්ත්‍රීවරු සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූහ.

හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන –

පාර්ලිමේන්තු පරිශ්‍රයට මන්ත්‍රීවරැන් සහ කාර්ය මණ්ඩලයේ නොවන කිහිප දෙනෙකු ඇවිත් දුරකතනවලින් පාර්ලිමේන්තුව වීඩියෝ කරනවා. කමිටු කාමරයේ අපේ ආණ්ඩු පක්ෂයේ රුස්වීම තිබුණු ස්ථානයටත් පැමිණියා. එය මන්ත්‍රීවරැන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් . කවුද ඒ පිරිස කියලා වහාම හොයලා බලලා අනාවරණය කරන්න.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත –

මේ මන්ත්‍රීවරැන් සියලුදෙනා රුස්වුණේ විශාල ප්‍රශ්න සමග. අපි දන්නවා ජනමාධ්‍යවේදීන්ට මේ පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරන දේවල් එළියට ගිහින් වාර්තා කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් අද අපි දැක්කා ආණ්ඩු පක්ෂයේ රුස්වීම ඉවර වෙලා එද්දි, දෙදෙනෙක් කුඩා දුරකථන දෙකක් අරගෙන වීඩියෝ කරනවා. මම කතානායකතුමාගෙන් දැනගන්න කැමතියි පාර්ලිමේන්තුවේ සෑම තැනැක්ම ඔය කියන අයට අවශ්‍ය පරිදි වීඩියෝ කරන්න පුලුවන්ද? මේ සම්බන්ධයෙන් සොයා බලන්න.

Share with your friends :