27 C
Colombo
25/11/2024

පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය කළ යුතුයි

Share with your friends :

දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට තමා යෝජනා කරන බවත් 2020 – 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක් වන අතර 2021මාර්තු 31 වන විට එහි සමස්ත පාඩුව බිලියන 372ක් බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

ජීවිතයට වත් ගුවන් යානයකට පය ගසා නැති රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ටත් මෙි පාඩුව විඳින්නට සිදු වී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

තමා ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නැතැයි ද භයානක වූවත් අප්‍රසන්න ඇත්ත තත්ත්වය කියන්නට සිදු වන බවද කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට ඉදිරියේ දී අඩිය තියන්නට සිදුවන බව ද රට ගොඩනැගීමට මිත්‍ර රටවල් සහයෝගය දීමට පොරොන්දු වී ඇති ඇති හෙයින් එතෙක් මාස කීපයක් දරාගෙන ඉන්නට සිදු වන බව ද සඳහන් කළේය.

Share with your friends :