27 C
Colombo
25/11/2024

ඉහළ උද්ධමනයක් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව 2

Share with your friends :

ඉහළ උද්ධමනයක් සහිත රටවල් අතර දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙරට උද්ධමනය සියයට 132ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන්නේ.

පසුගිය මාසයේ එම විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයට පත්ව තිබූ අතර උද්ධමනය දැක්වුණේ සියයට 123ක් ලෙසය.

ඒ අනුව ශ්‍රී ලංකාව උද්ධමනය අතින් සිම්බාබ්බේ රාජ්‍යයට පමණක් දෙවැනි වී තිබේ.

ලෙබනනය, තුර්කිය සහ වෙනිසියුලාව ඉහළ උද්ධමනයක් සහිත සෙසු රටවල් අතරට අයත් වේ.

Share with your friends :