එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ අද පස්වරුවේ ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දීමට කටයුතු සූදානම් කර ඇති බවටය.
එක්සත් ජාතික පක්ෂ රනිල් වික්රමසිංහ මහතා මීට පෙර 5 වතාවක් මෙරට අග්රාමාත්යවරයා ලෙස කටයුතු කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ රාත්රියේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුනි.
තමා අග්රාමාත්යධුරය භාරගැනීමට සූදානම් බවටත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්රී විශ්වාසය දිනාගැනීමට තමාට හැකියාව ඇති බවත් වික්රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
19 වන සංශෝධනය යළිත් බලාත්මක කිරීම සහ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇත.