නව අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි රනිල් වික්රමසිංහ මහතා අතර ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති අදාළ සාකච්ඡාව පැය 02කට ආසන්න කාලයක් පැවති බවය.
අග්රාමත්ය ධුරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර අග්රාමාත්ය ධුරය රනිල් වික්රමසිංහ මහතාට ලබාදීම සම්බන්ධයෙන් එහිදී එකගතාවකට පැමිණ ඇති බව සදහන් වෙයි.
ඒ අනුව අද හෝ හෙට දින නව අග්රාමාත්යවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.
රනිල් වික්රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්රීවරුන්ගේ සහය හිමිව ඇති අතර සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන් පිරිසක් ද ඊට සහය දීමට කැමැත්ත පලකර තිබේ.