හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබේ.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඊයේ (09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මේ අතර පක්ෂ නායක රැස්වීමක් කැඳවා කඩිනමින් අග්‍රාමාත්‍යවරයෙක් සහ නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට පියවර ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා එකඟ වූ බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
උන්වහන්සේ පෙන්වාදෙන්නේ රටේ පවතින අර්බුදකාරී තත්වය පාලනය කිරීම සඳහා සියලු දෙනාගේ කැමැත්ත පරිදි කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළකළ බවය.
රටේ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා භික්ෂුන් වහන්සේ ඇතුළු ආගමික නායකයින් පිරිසක් ඊයේ රාත්‍රී ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා හමුවුණි.