මේ වන විට මෙරට සමස්ත බේකරි සංඛ්‍යාව වූ බේකරි 7,000ක ප්‍රමාණයෙන් බේකරි 2,000 – 2500 ක පමණ ප්‍රමාණයක් මුළු මුනින්ම වසා දමා ඇති බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්. කේ ජයවර්ධන පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ COYLE විසින් නායකත්වය ලබාදෙන වෘත්තීය සංවිධාන සමූහයක් විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදීය. ඊයේ (04) කොළඹ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙලෙස බේකරි කර්මාන්තය දිනෙන් දින කඩා වැටීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බේකරි කර්මාන්තය සඳහා අවශ්‍ය කරන සියළු අමුද්‍රව්‍යවල විශාල හිඟයක් පැවතීම සහ ඒවායේ මිල ගණන් 300%ක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබීම බවයි.
“අද වෙනකොට අපට කියන්න තියෙන්නේ ලංකාව පුරා බේකරි 7,000ක් පමණ ක්‍රියාත්මක වුණා. කියන්න කණගාටුයි අද වෙනකොට බේකරි 2,000ක් 2,500ක් පමණ සම්පූර්ණයෙන්ම වසා දාලා තියනවා. ඊට අමතරව අනෙකුත් සියළුම බේකරි 50% ක ධාරිතාවයෙන් තමයි අද වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට හේතුව අනිවාර්යෙන්ම අද වන විට බේකරි කර්මාන්තය සඳහා අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍යවල විශාල හිඟයක් සහ 300%කින් මිල ඉහළ යෑමක් සිද්ධ වෙලා තියනවා මේ වෙලාවේ. 100%ක් නෙවෙයි 300%ක්. ඉතින් මේක අද වෙන විට අපට කියන්න තියෙන්නේ මේ අර්බුදයට මේ රජය පමණක් නොවෙයි, නිදහසෙන් පස්සේ පැවතුන සියළුම රජයන් වගකිව යුතුයි. හැබැයි වැඩි කොටස මේ පවතින රජය බාර ගන්න ඕන.“