ශ්‍රී ලංකාවට ඉන්දීය මධ්‍යම රජය ලබාදෙන සහයට අතිරේකව තමිල්නාඩු ප්‍රාන්ත රජයට ද සහාය ලබාදිය හැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් පැවසීය.
තමිල්නාඩු ප්‍රාන්ත සභාව විසින් මෙරට ජනතාවට සහල් සහ අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීමට අවසර ඉල්ලා යෝජනාවක් සම්මත කරගැනීමෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් වෙත ලිපියක් යොමුකරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ කොළඹ ඉන්දීය දූත පිරිසෙන් ද මේ පිළිබඳ උපදෙස් ලබාගත් බවය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා රජයේ ද කැමැත්ත මත එම ආධාර ලබාදිය හැකි බව එස්.ජයිශංකර් විසින් අදාළ ලිපිය මගින් දැනුම් දී ඇති බවය.