27 C
Colombo
21/01/2025

තෙවන ලෝක යුද්ධය අතළඟ-යුක්රේනයට ජර්මානු යුධ ආධාර-පුටීන් ලොවටම අනතුරු හඟවයි

Share with your friends :

යුක්රේනයට යුධමය ආධාර ලබා දෙන සියලු රටවලට එරෙහිව ක්ෂණිකව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට රුසියානු ජනාධිපති පුටීන් අනතුරු හඟවා තිබේ. ඒ සඳහා රුසියාවට ශක්තිය ඇතැයිද එම තීරණය දැනටමත් ගෙන අවසන් බවද පුටීන් කියා සිටියේය.
මෙතෙක් යුදමය කටයුතු සඳහා ආධාර නොකළ ජර්මනිය විසින් යුක්රේනය වෙත ගුවන් යානා නාශක අධිබල යුද ටැංකි 50 ක් ලබාදීම රුසියාවේ දැඩි කෝපයට හේතුවී තිබේ.
මේ අතර පෝලන්තය හා බල්ගේරියාව වෙත ගෑස් සැපයුමද මේ වන විට රුසියාව නවතා දමා තිබේ. කෙසේ වෙතත් රුසියාව හා සෙසු යුරෝපා රටවල් යුද්ධයට අවතීරණ වුවහොත් එය තෙවන ලෝක යුද්ධයේ ආරම්භය වනු ඇත.

Share with your friends :