27 C
Colombo
27/11/2024

සිමෙන්ති මිල මාෆියාවක්-ඉදිකිරීම් සංගමය

Share with your friends :

පවතින මෙම වාතාවරණය යටතේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන්නැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පෙන්වා දෙන්නේ නිෂ්පාදන අලෙවි නොවන තත්ත්වයක් ඇතිවූ විට ආනයනකරුවන් මිල පහත දැමීමට අනිවාර්යයෙන් ක්‍රියාකරන බවය.

“මෙහෙම වැඩි කරගෙන වැඩි කරගෙන ගිහිල්ල මොකක්ද මේ කරන්න හදන්නේ ? රටේ සංවර්ධන කටයුතු සිද්ධ වෙනවද? මෙහෙම වැඩි කරනකොට. ලක්ෂ 100කට නිවසක් හදන්න පෑලැන් කරලා තියෙනවා නම් ඒක ලක්ෂ 250කින් වත් අවසන්කරන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා තියෙනවා‍.

මේක මාෆියාවක්. මේ වෙලාවේ සිමෙන්ති මිල තීරණය කරන්න ආනයනකරුවන්ගේ සංගමය විසින්. ඔවුන් තීන්දු කරනවා සිමෙන්ති කොට්ටයක් මෙච්චරයි කියලා. ඒක ක්‍රියාත්මත වෙනවා. ඒකට රජය මැදිහත් වෙන්නේ නැහැ.

මම කරුණාකරලා කියනවා මේ ව්‍යාපාරික ප්‍රජාවට.. ඉදිකිරීම් කර්මාන්තය නතරකරන්න. රටේ මහජනතාවටත් කියනවා. ඔබ හැමදෙනාම මේක නතරකරන්න අඩුම ගානේ මාස තුනකට. එතකොට ඔය සිමෙන්ති ගබඩාකරගෙන තියෙන ඒවා ඔක්කොම මුදල් කරගැනීම සඳහා ලාභය පැත්තකින් තියලා වෙළෙඳපොළට දෙන එක දෙනවා. මාස තුනක් මේක අපේ රටේ ජනතාව නතර කරගත්තොත්.”

Share with your friends :