27 C
Colombo
28/11/2024

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැනයන ගණන ඉහළට

Share with your friends :

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පැමිණෙන පුද්ගලයින් සඳහා සරණාගතභාවය ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මධ්‍යම රජයේ තීරණය පිළිබඳව අවධානයෙන් පසුවන බව තමිල්නාඩු රජය පවසයි.

මධ්‍යම රජයේ අනුමැතිය ලැබුණහොත් පමණක් නීතිවිරෝධී සංක්‍රමණිකයන් සරණාගතයින් ලෙස සැලකිය හැකි බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් ප්‍රකාශ කර ඇත.

පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සිට පුද්ගලයින් 60 දෙනෙකු පමණ ඉන්දියාවට පැමිණ තිබේ.

සිකුරාදා දිනයේ පමණක් පුද්ගලයින් 18 දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් අතර ළමුන් 07 දෙනෙකු ද සිටින බවට සඳහන්ය.

එලෙස පැමිණෙන සංක්‍රමණිකයින්ට ඉන්දියාවේ සරණාගතභාවය ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මධ්‍යම රජයේ තීන්දුව ලබාදෙන ලෙස ප්‍රාන්ත රජය ඉල්ලීමක් කර තිබේ.

කෙසේවෙතත් පසුගිය වසර 10ක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් පැමිණෙන කිසිවෙකුටත් සරණාගතභාවට ලබාදී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සරණාගතභාවය ලබාදුණහොත් පමණක් ඔවුන්ට මාසිකව දීමනාවක් හිමිවන අතර එසේ නොමැති විට ඔවුන්ව පුනරුත්තාපන කඳවුරුවල රඳවා ආහාර හා අනෙකුත් අවශ්‍යතා සැපයීමට කටයුතු කරන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් ප්‍රකාශ කර තිබේ.

Share with your friends :