රඹුක්කන විරෝධතාව පොලිසිය විසින් විසුරුවා හැරීමේ දී වෙඩි වැදී මියගිය කේ ඩී චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු හෙට (22) සවස ත්රිවිධ හමුදාවේ ආරක්ෂාව මැද සිදුකිරීමට නියමිතය.
මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු දේවාලේගම පොලිස් වසමේ නාරම්බැද්ද, හිරිවඩුන්න සුසානභූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
මෙම දේහය භූමදාන කරන තෙක් එම ප්රදේශයට ත්රිවිධ හමුදාව යොදවා සාමය අරක්ෂා කර ගැනීමට ත්රිවිධ හමුදාවේ සහය ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ආරක්ෂාව ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අද (21) අනිද්දා (23) දින දක්වා අතිවිශේෂ ගැසට් පත්රයක් මගින් කෑගල්ල සහ රඹුක්කන පොලිස් බල ප්රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ත්රිවිධ හමුදාව යොදවා ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.