ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
ඒ පිළිබඳ මූලික සාකච්ඡා ලබන 18 වැනිදා ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා ලබන සතියේ පිටත්ව යෑමට නියමිතව සිටිති.
මෙයට අමතරව ඉන්දියාවෙන් සහ චීනයෙන්ද මූල්‍ය ආධාර අපේක්ෂාවෙන් සිටින බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.