27 C
Colombo
30/11/2024

දිඹුලාගල හිමිවරු රජය දැඩි දොස් නඟති

Share with your friends :

ජනතා පීඩක ආණ්ඩුව වහාම ඉවත් වන ලෙසටත්, ජනතාවට පැට වී තිබෙන ජීවන බර වහාම අඩු කරන සටන් බලකරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සහ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම සාමණේර හිමිවරුන් හැත්තෑවකට ආසන්න පිරිසක් පොළොන්නරුව මනම්පිටිය මහවැලි පාලම උඩට පා ගමනින් වැඩම කරවා අද සවස විරෝධතාවයක නිරත වූහ.

ජනාධිපති, අගමැති, ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙන්ම එදා ,මෙදා, පැවති සියලු රජයන් වසර 74 ක සිදු කළ විනාශයට වගකිව යුතු බවත්, වත්මන් ආණ්ඩුව ජනතාවගේ ගැටළු හා දුක්කම් කටොලු තේරුම් නොගෙන සුර සැප විඳින බවත්, ජනතාව විශාල පිරිසක් දැඩි ආර්ථික පීඩනයට පත්ව සිටින බවත්, මෙම තත්ත්වය මත ආණ්ඩුව ප්‍රමුඛ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ඉල්ලා අස්වී රට වෙනත් පිරිසිදු පාලක පන්තියකට වහාම බාර දෙන ලෙසද දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ මෙහිදී සඳහන් කළහ.

රට හා ජනතාව පත්ව ඇති ආර්ථික පීඩනය නිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත වෙහෙර විහාරස්ථාන රැසක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානමාන නොලැබෙන බවත්, මෙම තත්ත්වයට වගකිව යුත්තේ වත්මන් රජය බව ද රාහුලාලංකාර නාහිමියන් පැවසූහ. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරමින් රටේ හැට නව ලක්ෂයක් මෙන්ම මහා සංඝරත්නය ආශිර්වාද සිදු කරමින් ඔහුට මනාපය ලබා දුන්නේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට බවත් මෙම තත්ත්වය පසෙකලා රාජපක්ෂවරු රටේ සියලු දේපල ඇමරිකාවට, චීනයට, මෙන්ම ඉන්දියානු විකුණා ලංකාව සින්නක්කර පවරා දීමට සැලසුම් කරන බවත්, සියලු රාජපක්ෂවරු ආණ්ඩුවෙන් ඉවත් වී ඔවුන්ගේ නිජබිම් වන ඇමරිකාවට යන ලෙසටත් නාහිමිවරුන් සඳහන් කළහ.

Share with your friends :