27 C
Colombo
30/11/2024

බන්දුලගේ සහන මල්ල ඉල්ලුමට සැපයුමක් නැතිලු

Share with your friends :

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිවිලි නගති.

ලංකා සතොස අළෙවි සැල් වලට ගියත් සහන මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ නොමැති බව ජනතාව පවසති.

ඇතැම් ලංකා සතොස ශාඛාවල සහන මල්ල සීමිත ප්‍රමාණයක් පමණක් තිබුණත් ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ජනතාව කියති.

නාඩු හෝ සම්බා හෝ කිලෝ ග්‍රෑම් 10ක් සීනි කිලෝ එකක්, හයිලන්ඩ් කිරි පිටි පැකට් එකක් සහ තේ කොළ පැකට්ටුවකින් සහන මල්ල සමන්විත වේ.

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හදුන්වා දී ඇති සහන මල්ලක මිල රුපියල් 1950කි.

මෙයට අමතරව සතොස මගින් දෙන හාල්, සීනි, පරිප්පු, ටින් මාලු ආදී භාණ්ඩ අළෙවිය සීමා කර ඇතැයි ද පාරිභෝගිකයෝ සඳහන් කරති.

බොහෝ ලංකා සතොස අළෙවිසැල් වල සීමා කර සහිතව හෝ හාල්, පරිප්පු ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට නැතැයිද ඔවුහු සඳහන් කරති.

මිල දර්ශණය පමණක් ප්‍රදර්ශනය කර තිබුනත් සතොස ශාඛා මගින් මිලදී ගැනීමට භාන්ඩ නොතිබූ බව පාරිභෝගිකයෝ පැවසූහ.

සහන මල්ල ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය භාන්ඩ සියලුම ලංකා සතොස අළෙවි සැල් වලට යොමුකර ඇතැයි මේ පිළිබඳ කළ විමසීමකදී ලංකා සතොස උසස් නිළධාරියෙකු පැවසීය.

එමෙන්ම සහන මල්ලේ පවතින අධික ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම අසීරු වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

Share with your friends :