27 C
Colombo
28/11/2024

අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධූරයට?

Share with your friends :

මුදල් අමාත්‍ය ධූරයේ තවමත් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මේ තනතුර බාර ගැනීමට කවුරු හෝ විශේෂඥයකු ඉදිරිපත් නොවන්නේ නම් බෙල්ල ගහල ගියත්, කවුරු මඩ ගැහුවත් තනතුරේ වගකීම් ඉටු කරමින් රට වෙනුවෙන් කැපවන බවද හෙතෙම සඳහන් කළේය.

මේ තනතුර බාර ගැනීමට විශේෂඥයකු ඉදිරිපත් වන්නේ නම් තමා එය බාර දීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් මන්ත්‍රීධුරය පවා කැප කිරීමට සූදානම් බවත් ඔහු පැවසූවේය.

රටේ සංචිත ගැන කතා කිරීමට බලාපොරොත්තු නොවන බව පැවසූ මුදල් අමාත්‍යවරයා එය කතා කළහොත් ජනතාව කලන්තෙ දා ඇද වැටිය හැකි බවද ප්‍රකාශ කළේය.

අලි සබ්රි මහතා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පැවති සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

Share with your friends :