හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබේ.
ඇය රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල හරහා විදෙස් ගත වූ බව ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළහ.
ඇය රාත්‍රී 10.25 ට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
ඇයට එක්සත් රාජධානියේ පුරවැසිකම හිමිය.
නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සනාථ කළහ.
ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් ව සිටියාය.