27 C
Colombo
20/01/2025

ඩීසල් නොදුන්නොත් සියලු බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතට

Share with your friends :

ඩීසල් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් සියලුම බහාලුම් ප්‍රවාහන රථ හෙට (01) සිට ධාවනයෙන් ඉවත් වන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.

බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඩීසල් නිකුත් කිරීමට පිලිඟත හැකි කිසිදු වැඩපිළිවලක් ඛනිජතෙල් සංස්ථාව සිදුකර නැතැයිද මංජුල මහතා කීවේය.

බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් අද (31) දිනයේ ධාවනය වන්නේ 2000කට ආසන්න ප්‍රමාණයක් බවද ඔහු පැවසීය.

මේ හේතුවෙන් රටට එදිනෙදා අවශය ආහාර, ඖෂධ ආදී භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයිද මංජුල මහතා කීවේය.

ධාවනය වන බහාලුම් ප්‍රවාහන රථ ධාවනය වන්නේද කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් බැවින් පිට පළාත් සඳහා භාණ්ඩ ප්‍රවාහනය ගැටලුවක් වී ඇතැයිද හෙතෙම කීවේය.

ආනයන සහ අපනයන භාණ්ඩු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම බහාලුම් ප්‍රවාහන රථ මගින් සිදුකරන බැවින් එම සේවාවන් වලටද විශාල බාධාවක් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.

ඛනිජතෙල් සංස්ථාව නිකුත් කළ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කරන ලයිස්තුවේ බහාලුම් ප්‍රවාහන රථ නොමැතිවීමෙන් ඩීසල් තිබෙන ඉන්ධන පිරවුම්හල් වලින් පවා ඉන්ධන ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයිද ඔහු පැවසීය.

Share with your friends :