ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹදී පැවැත්විණි.
ඉන්දීය තානාපති නිල නිවසේ දී මෙම හමැව පැවැත්විණ.
පවතින ව්‍යසනකාරී මොහොතේ ශ්‍රී ලංකාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන ඉන්දියාවට සිය ස්තූතිය පුද කරන බව විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේය.
දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා ද්විපාර්ශ්වීය සබැඳියාව පිළිබඳව එහිදි සිහිපත් කළ විපක්ෂ නායකවරයා ආර්ථික සංස්කෘතික සාමාජීය යනාදී වශයෙන් එය පැතිරී ඇති බවද සිහිපත් කළේය.
ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා උපරිම වශයෙන් ආධාර සහ සහයෝගය ලබා දෙන ලෙසද විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියේය.
එලෙස ලබා දෙන ආධාර උපකාර ජනතාවට වඩාත් ප්රතිඵලදායි ලෙස භාවිතා කිරීම සඳහා වූ වැඩපිළිවෙළට ද අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසද ඔහු ඉල්ලිමක් කළේය.
ඉන්දියාව විසින් මෙරටට මෙතෙක් කල් ලබා දුන් සහයෝගය පිළිබඳව ද විපක්ෂනායකවරයා සිය ප්‍රණාමය පුද කළේය.
එම හමුවට විපක්ෂ නායකවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, වඩිවෙල් සුරේෂ් යන මහත්වරුද එක්ව සිටියහ.