27 C
Colombo
25/02/2025

කබ්රාල් ඇතුළු පිරිස 1 වැනිදා යළිත් මුදල් කමිටුව හමුවට

Share with your friends :

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් ඇතුළු එම ආයතනවල උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ලබන 1 වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පසුගිය 24 වෙනිදා පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිසට එම කමිටුව දැනුම්දී තිබුණද ඔවුන් ඊට සහභාගිවී තිබුණේ නැත.

මුදල් කමිටු රැස්වීමට සහභාගී නොවීම සම්බන්ධයෙන් එම කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා මහ බැංකු නිලධාරීන්ට සිය අප්‍රසාදය පළ කළේය.

එලෙස කටයුතු කිරීම පාර්ලිමේන්තුවට අගෞරව කිරීමක් බවද ඔහු සඳහන් කළේය.

රටේ පවතින වත්මන් ආර්ථික තත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට එදින මෙසේ කැඳවනු ලැබ සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළුඑහි උසස් නිලධාරීන් , මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන්
ඇතුළු පිරිසකි.

Share with your friends :