27 C
Colombo
26/02/2025

ඉන්දීය විදේශ අමාත්‍ය 28 දා ශ්‍රීලංකාවට

Share with your friends :

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට සංචාරය කරන අතර සංචාරය අතරතුරේ දී බිම්ස්ටෙක් අමාත්‍ය මට්ටමේ හමුවමට සහභාගී වීමට නියමිත ය. එම හමුව මාර්තු මස 29 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර ඉන්දීය විදේශ අමාත්‍යවරයා මාර්තු මස 26 සහ 27 දෙදින මාලදිවයිනේ සංචාරය කිරීමට නියමිත ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී ඉන්දියාවේ සංචාරය කළ අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පසුගිය පෙබරවාරි මාසයේ දී ඉන්දියාවේ සංචාරය කළේ ය.

එහි දිගුවක් ලෙස ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරය කරන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්විණි.

Share with your friends :