අධිභාර බද්ද පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය විය.
රුපියල් කෝටි සියයකට වැඩි ආදායම් උපයන පුද්ගලයන් හෝ සමාගම් වලින් සියයට 25 ක අධිභාරයක්අයකිරීමට අදාල නීතිමය ප්‍රතිපාදන සැලසීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.
පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 5 වැනිදා සිට අප්‍රේල් 8 වැනිදා දක්වා රැස්වීමටද මෙහිදී තීරණයවී ඇත.
අප්‍රේල් 6 වැනිදා හැර අනෙකුත් සෑම දිනකම පෙ.ව 10.00 – පෙ.ව 11.00 දක්වා වූ කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග අප්‍රේල් 5 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.
අප්‍රේල් 6 වැනිදා පෙ.ව 10.00 – පෙ.ව 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර ඉන්පසු පෙ.ව 10.30 – පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.09.17 දිනැති අංක 2245/31, 2021.10.29 දිනැති අංක 2251/63 සහ 2021.08.14 දිනැති අංක 2240/37 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කළ නියෝග පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා විවාදයට ගැනීමටද මෙහිදී තීරණය වී ඇත.
වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022 ජනවාරි 06 දිනැති අංක 2261/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2022 ජනවාරි 11 දිනැති අංක 2262/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයද විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතය.